සිංහල ජාතික ව්‍යාපාරයේ මහඟු සේවයක් කළ ශ්‍රී ලංකාවේ සිටි ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු ආචාර්ය සූරිය ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත.
පුරාණ රාවණා සහ හෙළ රාජධානිය පිළිබඳ එතුමා විවිධ මත පළ කර ඇත.
1942 නොවැම්බර් මස පිලියන්දල දී උපත ලැබූ සූරුය ගුණසේකර මහතා, මූලික අධ්‍යාපනය ලැබුවේ හොරණ රෙමුණ මිශ්‍ර පාසල සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයයෙනි.
උසස් අධ්‍යාපනය සදහා 1960 වසරේ දී පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සිංහල,ඉතිහාසය සහ භූගෝල විද්‍යාව පිළිබද උපාධියක් ලැබූ එතුමා මුල්ම රැකියාව ලෙස ගුරු වෘත්තියට පිවිසී ඇත.
