මිල වැඩිවීමක් සිදුව ඇත්තේ ආනයනික තිරිඟු පිටිවල බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
දේශීය තිරිඟු පිටිවල මිල වැඩිවීමක් සිදුව නොමැති බවට මෙරට නිෂ්පාදන සමාගම් තහවුරු කළ බවයි අද (09) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. එසේම මාස 6 ක් සඳහා ප්‍රමාණවත් තිරිඟු පිටි තොගද රට තුළ පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
