Spread the love

දේවින්ද පිණිදිය

ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩනැගුණු කසළ ක්‍රමවත්ව ඉවත් කර පිරිසිදු කිරීම් සති තුනකින් අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

බස්නාහිර පළාත් කසළ කළමනාකරණ කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (04) දින අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී මෙ බව ප්‍රකාශ කළාය

මෙම වැඩපිළිවෙළේදී ගොඩගැසෙන කසළ ඉක්මනින් ඉවත් කර ගැනීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු කෙරවලපිටිය පිහිටි භූමියෙන් අක්කර පහක ඉඩම ලබා දී ඇති බැවින්, ඒ අනුව දැනට ගොඩගැසෙන කසළ ගැටලුවකින් තොරව ඉවත් කර ගැනීමට හැකි බව කමිටුව තීරණය කරන ලදී. එම ඉඩමේ ගබඩා වන කසළ ක්‍රමවත්ව ඉවත් කිරීමටද එහිදී අදාළ ආයතන එකඟ විය.