Spread the love

ආහාර තාක්ෂණ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මිනුවන්ගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයේ හැලකන්දන ග්‍රාමසේවා වසමේදී පැවැත්විණි.

පවතින ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා පහසුවෙන් සපයාගත හැකි අමුද්‍රව්‍ය මගින්  අඩු පිරිවැයකින් විවිධ ආහාර වර්ග නිෂ්පාදනය කළහැකි ආකාරය පිළිබඳව දැනුවත් කිරීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ විය..

ඒ අනුව එකමුතු සිතමු කාන්තා ගොවි සංවිධානයේ සාමාජිකාවන් හට මඤ්ඤොක්කා පිට්ටු සහ කොහිල සොසේජස් සාදා ගන්නා ආකාරය පිළිබඳව මෙහිදී දැනුවත් කරන ලදී.

මේ සඳහා සම්පත් දායකත්වය ඩිප්ලෝමා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර බී.ඒ.එන්.පී. ඩයස් මෙනවිය විසින් ලබාදෙන ලදී.  

මෙම වැඩසටහන වසම භාර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ජී.පී. නිර්මලී මහත්මිය විසින් සංවිධානය කරන ලදී.