Spread the love

උඩවලව ඇත් අතුරු සෙවනේ අනියම් සේවක ඇත් ගොව්වෙකු ලෙස සේවය කල තරුණයෙකු ඇතින්නක් පහරදීම හේතුනවන් මියගොස් ඇති බව වාර්තාවේ.
උඩවලව ඇත් අතුරු සෙවනේ ආසන්නයේ ඇති අලි රැදවුම් මධ්‍යස්ථානය, ඇත් ගාලක බැද දමා තිබූ මෙම ඇතින්න දිය නෑවීම සදහා වැවට ගෙනයෑමට දම්වැල් මෙම සේවකයා විසින් ලිහා දමා ඇත. ඉන් පසුව ඇතින්න විසින් මෙම අනියම් සේවක ඇත් ගොව්වා වෙත පහරදීම සිදු කර තිබේ.
ඉන් අනතුරුව පහරකෑමට ලක්වූ තරුණයා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මෙම ඇතා වනජීවී දෙපාර්තමේන්තුව යටතට පත්කර උඩවලව වනෝද්‍යානයේ එවැනි අලින් රදවන මධ්‍යස්ථානයක රදවා තබා ඇත.

මෙම ඇතින්න ඉතා දරුණු බවත් එහෙත් තමන්ට එම ඇතින්න ඉතා හීලෑ බවත් මියගිය තරුණයා ප්‍රදේශවාසීන් සමග විටින් විට පවසා ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පනහඩුව, කොළඹගේ_ආර උඩවලව පදිංචි වනසූරිය මුදියන්සේලාගේ ඉෂාර වනසූරිය (24) වයසැති තරුණයකි.