Spread the love

මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් නොකළ පිරවුම්හල් හිමියන් වෙත දඬුවමක් වශයෙන් දින 03ක කාලයක් ඉන්ධන ලබානොදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්නය පවසයි.

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් වැසී ඇති අතර පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතියි.

දඬුවම් ක්‍රියාමාර්ගය හේතුවෙන් පාරිභෝගිකයින්ට අපහසුතාවට පත්වී ඇති බවත් අද (06) දිනය වන විට ඉන්ධන ලැබේවි යැයි අපේක්ෂා කරන බව ද පැවසුවාය.