Spread the love

ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ එම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 5.5ක ප්‍රබලත්වයකින් යුතු බවය.

මධ්‍යම ඉතාලියේ Rimini හි සිදුව ඇති මෙම භූ කම්පන තත්ත්වය අසල්වැසි රටවල්වලටද දැනී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එසේම භූ කම්පනයේ කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව ද එම වාර්තා පවසයි.

කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් එරට මහා මාර්ග කිහිපයකට දැඩි අලාභහානි සිදුව ඇත.

මේ අතර දුම්රිය මාර්ගයට සිදුව ඇති හානි හේතුවෙන් Ancona නගරයේ දුම්රිය ධාවන කටයුතු ද අතිහිටුවීමට පියවර ගෙන තිබේ.

එසේම භූ කම්පනයත් සමග Marche කලාපයේ පාසල් කිහිපයක් වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන ඇත.

මධ්‍යම ඉතාලිය යුරෝපයේ වැඩිම භූ කම්පන බලපෑමක් එල්ලවන කලාපයක් ලෙස හඳුනාගෙන තිබේ. 

2016 වසරේ සිට මධ්‍යම ඉතාලියේ සිදුවූ භූ කම්පනවලින් පුද්ගලයින් 299 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.