මැලේසියාවේ සිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයකු සන්තකයේ තිබී රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා හෙරොයින් සමග විදෙස් ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
32ක් හැවිරිදි ඉන්දීය ජාතිකයා ඊයේ (26) පස්වරු 04.15ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 832ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක දී මෙරට මත්ද්‍රව්‍ය නියෝජිතයන් වෙත භාර දීමට සැළසුම් කර තිබූ බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයා අද (27) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
