Spread the love

ශ්‍රී ලාංකිකයින්ට වීසා නිකුත් කිරීම නවතා දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

පසුගිය දින කිහිපය තුළ එහි වීසා අංශයේ කාර්ය මණ්ඩලයට කාර්යාලයට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් යම් දුෂ්කරතාවයට මුහුණදී සිටින බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ.

එම කටයුතු ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියාවට ගමන් කිරීමට පහසුව සැලසීමට තමන් කැපවී සිටින බවයිඑම පණිවුඩයේ සදහන් වන්නේ .