Spread the love

ඉන්දියාවේ දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමග එරට භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් කිහිපයක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව ඩීසල් දුම්රිය එන්ජින් 20 ක් නොමිලේ ලබා දීමට ඉන්දීය රජය ඉදිරිපත්ව ඇති බවත්, ඒවා මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කළ හැකිද යන්න පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් ඉන්දියාවට ගොස් පරීක්ෂා කර ඇති බවත් පැවසුවේය.

මෙයින් දුම්රිය එන්ජින් දෙකක් ලබන පෙබරවාරි මාසයේදී මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය