Spread the love

ත්‍රී රෝද රථ සඳහා සතියකට මෙතෙක් ලබාදුන් ලීටර් පහක ඉන්ධන කෝටාව හෙට (7)සිට ලීටර් 10 දක්වා වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ මගී ත්‍රී රෝද රථ සඳහා මෙම ඉන්ධන කෝටාව ලබාදීම හෙට ආරම්භ කෙරේ.

දිවයිනේ අනෙකුත් පළාත් තුළ මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලියාපදිංචි කිරීම අද සිට ලබන 13 වනදා දක්වා සිදු කෙරෙ. ලබන 13 වනදායින් පසු ලියාපදිංචි වූ මගී ත්‍රී රෝද රථ සඳහා ඉන්ධන කෝටාව සතියකට ලීටර් 10 ක් ලබාදීම දිවයින පුරාම ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කිරීමට නියමිතයි.