Spread the love

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් එහි රියදුරා ජීවිතක්ෂයට පත්වී තිබේ.

ත්‍රිකුණාමලේ සිට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථය ගම්පොළ ප්‍රදේශය අසන්නයේ දී අනතුරට ලක්වී ඇත.

පොලීසිය සඳහන් කළේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවය.

ත්‍රිකුණාමලේ සිට ඉන්ධන රැගෙන පළමුවෙන් හෙල්බොඩ වතුයාය වෙත ඉන්ධන ලබාදී පසුව තවත් ඉන්ධන කොටසක් ගම්පොළට ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.