රට පුරා ඉන්ධන පිරවුම් හල් ගණනාවකත් ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවලත් අද දිනයේ ඉන්ධන හිගයක් ඇතිවී ඇති බව ඉන්ධන බෙදුම්කරුවෝ සඳහන් කරති.ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පාලනය විසින් ගෙන ඇති තීරණයක් මීට හේතු වී ඇති බව ඉන්ධන බෙදුම්කරුවෝ පෙන්වා දෙති.සංස්ථාව හඳුන්වා දී ඇති නව ක්රමවේදය මත ඉන්ධන ඇනවුමට පෙර දින මාර්ගගත ක්රම මගින් මුදල් තැන්පත් කළ යුතු වුවද එසේ මුදල් තැන්පත් කරන බොහෝ බැංකු රාත්රී කාලයේදී ගිණුම්ගත නොවන නිසා ඇණැවුම් නිසි ලෙස සකස් නොවීම මත මෙම ඉන්ධන සැපයීම අඩාල වී ඇති බවද ඔවුන් පෙන්වා දෙති.
