ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් පළමු පැමිණිලිකරු තමන් බවත් එනිසා තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
කෙසේ වෙතත් තම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වන්නේ නම් ඊට තමන් සූදානම් බවත් ඒ මහතා සදහන් කලේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.
පැමිණිලිකරු මමයි.පැමිණිල්ල සම්බන්ධයෙන් කටඋත්තරයක් දෙන්න අවශ්‍ය නැහැ.පැමිණිල්ලක් කියන්නේ ප්‍රකාශයක්.පැමිණිලිවල සියලුම විස්තර ඇතුළත්.කවදා හරි පැමිණිල්ලට අදාළව වැඩි විස්තර ලබාගන්න අවශ්‍ය නම් ඒකට අවස්ථාවක් තියෙනවා’
