Spread the love

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (07)යෙදී තිබේ.

වස් පිංකම්වල අවසාන පොහොය වන ඉල් පුර පසළොස්වක පොහොය ශාසනික වශයෙන් මෙරටට ඉතා වැදගත් පොහොය දිනයක් බව සඳහන්ය.

ඒ අනුව අදින් පසුව කඨින චීවර පෙරහැර අවසන් වන අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රිය වන විට දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල කඨින පිංකම් අවසන් කෙරුණි.

ඒ අනුව අද උදෑසන බොහෝ වෙහෙර විහාරස්ථාන වෙත සැදැහැවතුන්ගෙන් පිරීගොස් ඇති බව “අද දෙරණ” වාර්තාකරුවන් සඳහන් කළේය.