Spread the love

ඊශ්‍රායලයේ ජෙරුසලම ආසන්නව පිහිටි එෂ්තාඕල් වනාන්තරයේ විශාල පඳුරු සහිත කැලෑව ඊයේ (30) පස්වරුවේ හදිසි ගිනිගැනීමට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් එහි සිටින ජනතාව කඩිනමින් ඉවත්කිරීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු යොදා ඇති අතර, මෙම ගින්න ටෙල් අවිව් -ජෙරුසලම අධිවේගී මාර්ගයක් ආසන්නයේ ඇතිව ඇති හෙයින් එම මාර්ගය වසා දැමීමට කටයුතු යොදා ඇත.

ටෙල් අවිව් අගනුවරට බටහිර දෙසින් පිහිටි මෙම කඳුකර ප්‍රදේශයේ හටගන්නා මෙම ගිනි හේතුවෙන් එහි පදිංචිකරුවන් මෙම සතියක් ඇතුළත ඉන් ඉවත්කළ දෙවන අවස්ථාව මෙයයි.

එෂ්තාඕල් කඳුකරයේ අවම වශයෙන් ස්ථාන පහක ගින්න ඇති වූ බව ඊශ්‍රායල ගිනිනිවන සහ ගලවා ගැනීමේ සේවය වාර්තා කළේය.

ගින්න ඇති වූ අවස්ථාවේදී තද සුළං ඇති වී ඇති අතර, ඒ හේතුවෙන් ගින්න පාලනය දැඩි අපහසු වී තිබේ.

මේ වනවිට ප්‍රදේශයේ කඳුකර ගණනාවකින් කඳු නගින්නන් ඉවත් කරමින් සිටින බව ද ඊශ්‍රායල බලධාරීන් පවසයි.

කෙසේ නමුත් මේ දක්වා මරණ හෝ තුවාල පිළිබඳ වාර්තා වී නොමැත.