Spread the love

කල්පිටිය උච්චමුනේ දූපත වසර 30 කාලයක් සදහා ස්විට්සර්ලන්තයේ පෞද්ගලික සමාගමකට බදු දීමේ ගිවිසුම පසුගිය 11 වනදා අත්සන් තැබූ බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසූවාය.එමගින් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 417.5 ලැබී තිබේ.හෝටල් වියාපෘතියක් සදහා බදු ලබාදි තිබේ.එහි ධීවර පවුල් 230 ජීවත් වන බව ද වැඩිදුරටත් පැවසීය.