නිමල් රාජපක්ෂ –
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා උඩරට මාර්ගයේ රාත්රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ.
උඩරට මාර්ගයේ ධාවනය වූ සියලූ දුම්රියන් කොළඹ කොටුවේ සිට හැටන් දක්වා පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
නානුඹය හා රදැල්ල දුම්රිය ස්ථාන අතර පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් කොළඹ කොටුවේ සිට හැටන් දක්වාත් හැටන් සිට කොලඹ කොටුව දක්වා පමණක් උඩරට මාර්ගය දුම්රිය ධාවනය කෙරේ.
මඩකලපුව මාර්ගයේ අද (27) ධාවනය වීමට තිබු රාත්රී තැපැල් දුම්රියද ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
උතුරු දුම්රිය මාර්ගයේ හා මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය සුපුරුදු පරිදි ධාවනය කෙරෙනු ඇත.
