Spread the love

.
රටේ ආර්ථික අර්බුදයට උද්ඝෝෂණවලින් විසඳුම් සෙවිය නොහැකි බවත් එමගින් සිදුවන්නේ ටේ ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර වීමක් පමණක් බවත් සංචාරක හා මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව අරගල කරන පිරිස මේ තත්ත්වය වටහා ගත යුතු බවයි.
රටේ පවතින තත්වය පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කරයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ රටේ ආණ්ඩුව වෙනස් කිරීමේ ක්‍රියාදාමය සිදුවිය යුත්තේ ව්‍යවස්ථානුකූලව බවයි. වත්මන් ජනාධිපතිවරයාට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් උද්ඝෝෂණ කිරීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවීම ඊට විසඳුමක් නොවන බව පෙන්වා දෙන ඇමැතිවරයා එමගින් රට තව තවත් අගාධයට ගමන් කරමින් සිටින බවද අවධාරණය කරයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. “මේ වන විට සංචාරකයන්ගේ පැමිණීම අඩු වෙමින් තිබේ. ඊට හේතු වී ඇත්තේ රට තුළ පවතින නොසන්සුන් වාතාවරණයයි. වර්තමානයේ දී රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කළ යුතුය. වැඩිපුර සංචාරකයන් මෙරටට ගෙන්වා ගත යුතුය. සංචාරකයන් රටට එන්නේ රට සාමකාමී ආරක්ෂිත රටක් වුවහොත් පමණි.
2009 යුද්ධය අවසන් වනතුරු මෙරටට සංචාරකයන්ගේ පැමිණීම තිබුණේ අවම මට්ටමකය. යුද්ධය අවසන් වී රට සාමකාමී වූ විට ලක්ෂ 25කට ආසන්න සංචාරක පිරිසක් මෙරටට පැමිණි අතර පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගත තත්ත්වය මත එය කඩා වැටුණි. පසුගිය මාස පහක පමණ කාලය තුළ එය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබුණ ද ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියේය. දෛනිකව පැමිණෙන සංචාරක සංඛ්‍යාව 4000ත් 5000ත් අතර විය. නමුත් මේ වන විට එම සංඛ්‍යාව දහසකට අඩු වී තිබේ. රටේ ආර්ථික අර්බුදය විසඳීමට සැබෑ
උවමනාවක් ඇත්නම් උද්ඝෝෂකයන් කළ යුත්තේ රටේ ආර්ථික අර්බුදය විසඳීමට ඇති මාර්ග ඇහිරෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නොවේ. එබැවින් පවතින අර්බුදය විසදා ගැනීම සදහා යථාර්තවාදීව සිතා බලා සහයෝගය දක්වන ලෙස අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.