Spread the love

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ අද (05) පැවැති තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. 

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 141ක් රැස් කළේය.

පැතුම් නිස්සංක අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 67ක් එක් කළේය. 

ඒ අනුව තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 142කි.

එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 04 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 144ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

මේ T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා නවසීලන්තය සහ එංගලන්තය සුදුසුකම් ලබා තිබේ.