Spread the love

පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 187ක දැවැන්ත පරාජයකට ලක්කරමින් ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සංවිධානය කළ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ක්‍රිකට් සමාජ (CCC) කණ්ඩායම සමත් විය.

දිවාරාත්‍රී තරගයක් ලෙස කොළඹ CCC ක්‍රීඩාංණයේ පැවැත්විණ

අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් CCC කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 387ක් රැස්කිරීමට සමත් විය.

එහිදී අනර්ඝ ඉනිමක් ගොඩනැගූ පවන් රත්නායක නොදැවී ලකුණු 158ක් රැස්කළේය.

පන්දු 94කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් හා හතරේ පහර 13ක් ඇතුළත් විය.

ඊට අමතරව නිශාන් මදුෂ්ක (88), කමිඳු මෙන්ඩිස් (59) හා නායක සොනාල් දිනූෂ (53) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ.

පොලිස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී චාරුක ප්‍රමෝද් (2/92), චාරුක ජයතිලක (2/65) දක්ෂතා දැක්වූහ.

කෙසේ නමුත් ලකුණු 388ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය පොලිස් කණ්ඩායමට පන්දුවාර 40.2කදී සියලු දෙනා දැවී රැසකළ හැකිවූයේ ලකුණු 200ක් පමණි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ප්‍රියමාල් පෙරේරා ලකුණු 57ක් රැස්කළේය.

එය ඉනිමේ වාර්තා වූ එකම අර්ධ ශතක ඉනිම විය.

CCC වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඉනුක කරන්නාගොඩ ලකුණු 32කට කඩුලු 4ක් දවාගත්තේය