නුගේගොඩදී පැවැත්වුණු ඒකාබද්ධ විපක්ෂයේ ‘මහා ජන හඬ’ මහා ජන රැලියට අතුරු සිදුරු නොමැතිව ජනතාවගෙන පිරී ඉතිරී ගොස් තිබිණ
හයිලෙවල් මාර්ගයෙන්, නාවල පාරෙන්, පිටකෝට්ටේ හා ජුබිලි කණුව හා පරණ කැස්බෑව පාර දෙසින් ජන රැලිය පැවැත්වෙන ස්ථානය ට පිවිසෙන මාවත් දිගට විශාල ජනතාවක් රැලිය පිහිටි භූමියට ළඟා වී තිබුණා.
මෙම රැළිය අද (21) පස්වරුවේ ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, මහාචාර්ය ජී. එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක, පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, හිටපු මැති ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ටිරාන් අලස්, ප්‍රේමනාත් සී. දොළවත්ත, සංජීව එදිරිමාන්න, සුගීශ්වර බණ්ඩාර ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මෙම රැලිය ඇමතූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ, වර්තමාන ආණ්ඩුව පෙරළීමට හැකි පළමු අවස්ථාවේදී අනිවාර්යෙන්ම පෙරළීමට විපක්ෂය එක්ව කටයුතු කරන බවයි. වර්තමාන ආණ්ඩුවට එරෙහිව විපක්ෂය දැවැන්ත ආකාරයෙන් ගොඩනැගෙමින් පවතින බව ද නාමල් රාජපක්ෂ පැවසුවා.
මෙම රැලිය අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, සමගි ජන බලවේගය ඇතුළු මුළු විපක්ෂයම ළඟදීම එකම වේදිකාවකට ගෙන ඒමට කටයුතු කරන බවයි.
.
