Spread the love

ඇඳිරි නීති කාලය තුළ රාත්‍රී 07.00 දක්වා  රජයේ හා පෞද්ගලික ඔසුසල් හා පෞද්ගලික සාත්තු නිවාස, හා ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘතව තැබීමට අවසර ලබාදි ඇතිබව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා පැවසීය.
මේ අතර අත්‍යාවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අදාළ පාර්ශ්වයන් සමඟ මේවන විටත් එක්ව කටයුතු කරමින් ඇතිබව පැවසීය.ඒ අනුව මේවනවිට පළාත් ප්‍රධාන ලේකම්වරුන්,දිස්ත්‍රික් ලේකම්වරුන්,ප්‍රාදේශීය ලේකම්වරුන් ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ.

මේ අතර ඉන්ධන බෙදා හැරීම සහ නිකුත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය මේවන විට යොමුව ඇතිබව කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.