Spread the love


මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව හා රඹුක්කන දුම්රිය ස්ථාන අතර අද පෙරවරුවේ පීලී පැනීමකට ලක්ව ඇත.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය යලිත් බාධා මතුව ඇතැයිද දුම්රිය ස්ථානාධිපති සංග‍මයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
එම දුම්රියේ එංජිමේ රෝද දෙකක් පමණක් පිලී පැනිමකට ඇත . අදාල දුම්රිය පීලි පැන ඇත්තේ ද මීට ඉහත ඉන්දන ප්‍රවාහනය කල දුම්රිය පීලිපැනීමකට ලක් වූ ස්ථානයේම වීම විශේෂත්තවයකි . දුම්රිය මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන් පීලිගතකර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇත.