Spread the love


නිමල් රාජපක්ෂ-

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් අද ( 19) සිට ලබන මස 04 වන දින දක්වා මතින් තොර කලාපයක් බවව පත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි.
එම නිසා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබීම සුරාබදු කොමසාරිස් ජනරාල්තුවරයා නියෝග කොට ඇත.
ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් කිසිවෙකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය මෙම පූජාභූමිය තුළට රැගෙන ඒම සපුරා තහනම් වෙයි.
මෙම කාල සීමාව ආවරණය කරමින් ඌව පලාත නියෝජනය කරන සුරාබදු නිලධාරී කන්ඩායම් ඇසල උත්සව භූමිය සහ අවට ප්‍රදේශ වල රාජකාරියේ යෙදවීමට කටයුතු යොදා ඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.

කතරගම දේවාල පුදබිම තුළ සහ ආසන්න ප්‍රදේශ වල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු මූලස්ථානයේ පිහිටි සුරාබදු මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සදහා විවෘතව තැබෙන අතර තොරතුරු ලබා දෙන්නන් ගේ රහස්‍ය භාවය රකින බවද ආචාර්ය කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.