Spread the love

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි පතිත වෙමින් පවති.

පවතින අයහපත් කාලගුණයත් සමග මධ්‍යම කදුකරයේ ප්‍රධාන මාර්ග නෙපෙනෙන ආකාරයට ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

හැටන් නුවරඑලිය , හැටන් කොළඹ සහ හැටන් අවට අතුරු මාර්ග සියල්ලේම ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් එම මාර්ග වල ධාවනය කරන වාහන වල රියදුරන් දැනුවත් කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගෙන තිබුණි.

පවතින ඝන මිදුම් තත්ත්වය නිසා වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන වාහනය සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පවතින වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්න වි ඇති බවත්, ඒ අනුව කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් පැවසිය.