Spread the love

නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි හත්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ.ශ්‍රේණිගත කිරීම් හි 09 වෙනි ස්ථානයේ රැදී සිටි කමිඳු මෙන්ඩිස් පසුගිය ටෙස්ට් තරග සංචාරයන් හී දී දැක්වු දක්ෂතා මත ඉදිරියට පැමිණ ඇති බව සඳහන් වේ.අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි තවදුරටත් පෙරමුණේ රැඳී සිටින්නේ එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් ය.එහි පිළිවෙලින් දෙවන ස්ථානය එංගලන්ත කණ්ඩායමේ හැරී බෘක්ට සහ තෙවන ස්ථානය නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන්ට හිමිව තිබේ.