Spread the love

වාහන ආනයනය යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු පැවසුවේය‍

ඒ සම්බන්ධයෙන් මහ බැංකුව ද එකඟතාව පළ කර ඇති බවය.

ඒ අනුව ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සකස් කර මහජනතාවට දැනුම්දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.