Spread the love

ක්ෂය රෝගය කොළඹ නගර සභා බල ප්‍රදේශයේ වතු නිවාස ආශ්‍රිතව සීග්‍රයෙන් පැතිර යමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ක්ෂය රෝග සහ ස්වසන රෝග නිවාරණ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන පරිදි වතු නිවාසවල පවතින අධික තදබදය සහ අපිරිසිදු තත්ත්වයන් ඊට හේතුවයි.

මේ වන විට මෙරට බෝවන රෝගවලින් සිදුවන මරණවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ ක්ෂය රෝගය හේතුවෙනි.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා ක්ෂය රෝගීන් හයදහසක් පමණ වාර්තා වී තිබෙනවා.

සාමාන්‍ය වර්ෂයකදී ක්ෂය රෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් පන්සියයත් හයසියයත් අතර සංඛ්‍යාවක් මියයාමේ අවදානමක් පවතින බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළා.

දිවයිනේ සෑම ප්‍රධාන රෝහලකම ක්ෂය රෝග සායන පැවැත්වෙන අතර එම රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් කඩිනමින් එම සායන වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.