Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

කාන්තාවක් සිදු කළ පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

20/20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාව ට ගිය ගුණතිලක එහිදී තුවාල ලැබීය.

නමුත් ඔහුව එහි තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ එංගලන්තය සමග තරග කළ අතර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම තරගයෙන් අනතුරුවය.

එම තරගය සිඩ්නිහිදී පැවැත්වුණි