කිතුල් පැණි මිළ ගතවූ මාස කිහිපයේ වැඩිම මිළ මේවන විට වාර්තා කරමින් ඇතිබව කිතුල් පැණි නිෂ්පාදකයි පවසයි.
ඒ අනුව ප්‍රමිතියෙන් ඉහළ කිතුල් පැණි බෝතලයක් රුපියල් 1450 මට්ටමේ පවතියි.
කිතුල් පැණි සදහා පවතින අධික ඉල්ලුම සහ පවතින අයහපත් කාලගුණ තත්වය කිතුල් පැණි මිල ඉහළ යාමට හේතුවී ඇතිබව කිතුල් පැණි නිෂ්පාදකයන් පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව,තවලම,වැලිවිටිය දිවිතුර සහ හිනිදුම ප්‍රදේශ කිතුල් පැණි සදහා ප්‍රසිද්ධ වෙයි.
