නිමල් රාජපක්ෂ-
නිසා කුකුළු මස් මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමටත්, අවශ්‍ය වුවහොත් පිටරටින් කුකුළු මස් ආනයනය කිරීමටත් රජය ඉදිරියේදී දැඩි තීන්දු තීරණ ගන්නා බව කෘෂි කර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි
කුකුළු මස් මිල ඉහළ යාම පාලනය කිරීම මෙන්ම දැනට පවතින බිත්තර හිඟය අවම කරලීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක්ද ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.
අද දින (09) පෙරවරුවේ අප රටේ කුකුළු නිෂ්පාදන කර්මාන්තයේ යෙදී සිටින සියලු කර්මාන්තකරුවන් සමග සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
රජය විසින් දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කළද මේ වනවිට රට තුළ කුකුළු මස් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ. එමෙන්ම බිත්තර හිඟයද මෙතෙක් විසඳී නොමැත. මේ නිසා පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මෙන්ම රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වයන් ආරක්ෂා කිරීම ද රජයේ වගකීමක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට කුකුළු මස් මිල රුපියල් 1300ක පමණ මිලක පැවතුනත් මාස තුනක් තුළ එම මිල රුපියල් 1200ක් දක්වා අවම කළ හැකි බව මෙහිදී කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවෝ පැවසූහ. මෙම මිල අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමග ගිවිසුමකට එළඹීමට වුවද හැකි බව එම කර්මාන්තකරුවෝ ප්‍රකාශ කළහ.
කෙසේ වුවද මෙම සාකච්ඡාවේ දී එළඹී තීරණ සම්බන්ධ තොරතුරු සහිත වාර්තාවක් ලබන සතියේ රැස්වන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හා එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය. මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා රජය අවශ්‍ය සහන ලබා දුන්නද එහි වාසිය පාරිභෝගික ජනතාවට ලැබී නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
