Spread the love


නිමල් රාජපක්ෂ-

බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වන සාගරිකා සීඝ්‍රගාමී දුම්රියට ගොඩගම, කහව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරියක් අද(28) පෙරවරු 10.00 පමණ ගැටීමෙන් එක් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.


තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.