Spread the love

ශ්‍රී ලංකාව සහ කොරියා සමූහාණ්ඩුව අතර දේශගුණ විපර්යාස සඳහා වන සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව යෝජිත ගිවිසුමට අත්සන් තැබීමටත්, එකී ගිවිසුම අත්සන් කිරීමට පහසුකම් සැලසීම සඳහා සම්බන්ධීකරණය කිරීමට දේශගුණ විපර්යාස පිළිබඳ ඒකාබද්ධ කමිටුව පිහිටුවීමට අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.