අද (09) දිනයේ ගනුදෙනු අවසන් වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්රධාන දර්ශක දෙකම පහත වැටුණි.
දෛනික වෙළෙඳපොළ ගනුදෙනු අවසන් වන විට, සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 231.72 කින්, එනම් සියයට 1.11 කින් පහළ ගොස් ඒකක 20,674.11ක් ලෙස දිනය අවසන් කළේය.
එමෙන්ම, එස් ඇන්ඩ් පී ශ්රී ලංකා 20 (S&P SL20) දර්ශකය ද ඒකක 60.23 කින්, එනම් සියයට 1.01 කින් පහළ ගොස් අවසන් වූයේ ඒකක 5,895.13ක් ලෙසිනි.
මෙම දිනය සඳහා වාර්තා වූ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 9.04ක් වූ අතර, කොටස් පරිමාව කොටස් 237,575,013ක් ලෙස සටහන් විය.
