Spread the love

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (13) දිනයේ පැය 8 ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පෑලියගොඩ වත්ත, ජා ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට හෙට (13) දිනයේ ජල කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටින්නේ හෙට පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.