රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේදී අද (30) උදෑසන පෞද්ගලික බස් රථයක රියදුරුට නින්ද යාමෙන් අනතුරකට ලක්වී පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇත.
කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ බස් රථයක් අද උදෑසන 5ත් 6ත් අතර කාලය තුළදී මාර්ගයේ පෙරළීමෙන් එම අනතුර සිදුව ඇත.
පොලීසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතු වී ඇති බවය.
