නොරොච්චෝල විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු මේවන විට මෙරටට රැගෙනවිත් ඇතිබව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෘ නව්මනී මහතා පැවසීය.
ඒ අනුව ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් බිලියන 02ක් මෙරටට රැගෙනවිත් තිබේ .
දකුණු අප්‍රිකාවෙන් සහ රුසියාවෙන් එම ගල් අඟුරු මෙරටට රැගෙනවිත් ඇති අතර එම ගල් අඟුරු ලබන සැප්තැම්බර් මාසය දක්වා ප්‍රමානවත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.