ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත් වී, ලෙඩ නිවාඩු වාර්තා කරමින්, එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි .
මේ සඳහා ග්‍රාම නිලධාරීන් නියෝජනය කරන සියලු සංගම්වල සහාය ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
