Spread the love

නියාගම කබලුව ප්‍රදේශයේ නිවසක හදිසියේ ඇතිවූ ගින්නකින් මුළුමනින්ම නිවස ගිනිගෙන විනාශ වී ඇත. ගින්න හට ගන්නා අවස්ථාවේ නිවසේ කිසිවකුත් සිට නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.

ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ ගත් නමුත් ඒ වන විටත් නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබුණි නියාගම ප්‍රාදේශීය සභාව ගින්න නිවා දැමීම සඳහා ජල බවුසරයක් ද යොදවා තිබුණි නියාගම ප්‍රාදේශීය ලේකම් ටී.ජී.එස්. සජිවනි මහත්මියගේ උපදෙස් මත ආපදා සහන නිලධාරීන් ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් ද බහු කාර්යය සංවර්ධන නිලධාරි සහ සහායක කණ්ඩායමක්ද එම ස්ථානයට යොමු කර තිබුණි.

පිටිගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.