Spread the love

තමාගේ විවාහ ඇරයුම ප්‍රතික්ෂේප කළේ යැයි සිත් තැවුලට පත් තරුණයෙකු තමන්ගේ සිරුර ට ගිනි තබා ගෙන පෙම්වතිය වැළඳ ගැනීමට තැත් කළ පුවතක් වාර්තා වනවා.

කෙසේ නමුත් එය ව්‍යර්ථ වූ පසු ගිනි ජාලාව පිටින් දිව යද්දී වැල්ලවත්ත ප්‍රදේශයේදී රුහුණු කුමාරි දුම්රියේ ගැටී එම පුද්ගලයා මිය ගොස් ඇතැයි මොරටුව පොලිසිය සඳහන් කළා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මස්කෙළිය රදර්ෆර්ඩ් වතුයායේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනා ගෙන තිබෙනවා.
ඔහු මොරටුව ප්‍රදේශයේ රැකියාවක නියුතුව සිටි බව පරීක්ෂණ වලදී හෙළි වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

කටුබැද්ද මංසන්ධියේ මෝටර් රථ අමතර කොටස් අලෙවි සලක සේවය කළ තරුණියකගේ පෙම්වතා ඇය සොයා ගෙන පැමිණ විවාහ වීමට අවශ්‍ය යැයි පවසා ඇති අතර එය විහිළුවට ගත් තරුණිය ප්‍රති ක්ෂේප කර ඇති බවත් පසුව ඔහු පෙම්වතිය ඉදිරියේ බෙහෙත් පෙති කිහිපයක් පානය කර ඇති බවත් පරීක්ෂණ වලදී හෙළි වූ බව ද පොලිසිය සඳහන් කළා.

පැය දෙක හමාරකට පමණ පසු එම පුද්ගලයා පෙම්වතිය සේවය කරන අලෙවිසලට නැවත පැමිණ මුදලාලිගෙන් අසා වැසි කිළියට ගොස් තිබෙනවා.

පසුව ගිනි ජාලාවක් සමග පිටතට පැමිණි ඔහු පෙම්වතිය වැළඳ ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී තරුණිය පිළිස්සෙනවා දුටු මුදලාලි ඇය පසෙකට ඇද දමා තිබෙනවා.

එහි දී පෙම්වතා එතැනින් පළා ගොස් ඇති අතර වැල්ලවත්ත ප්‍රදේශයේ දී රුහුණු කුමාරි දුම්රියේ වැදී මිය ගොස් සිටිය දී පසු දින පොලිසිය විසින් සොයා ගෙන ඇති බව සඳහන් වනවා.

පිලිස්සුම් තුවාල ලැබූ තරුණිය කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇය ද මස්කෙළිය ප්‍රදේශයේ ම පදිංචි 23 හැවිරිදි තැනැත්තියක්.

මොරටුව පොලිසියේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.