නිමල් රාජපක්ෂ-
ගොවීන් වගා කරන එළවළු හා පලතුරු එම ගොවීන්ගෙන් මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරන ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙන්දන්ගේ බදු බලපත් අහෝසි කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසයි.
ආර්ථික මධ්‍යස්ථායේ වෙළදුන් මේ වනවිට අතර මැදියන් රැගෙන එන එළවළු හා පළතුරු මිලදි ගැනීමට පුරුදු වී තිබේ. මේ හේතුව නිසා ගොවින් සෘජුවම ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එළවළු මිලදී ගැනීම ප්‍රථික්ෂේක කරන බව ගෙවීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිළි කොට තිබේ.
එහි ප්‍රථිපලයක් ලෙස ඇමතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගොවීන් වගා කරන එළවළු හා පලතුරු එම ගොවීන්ගෙන් මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරන ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙන්දන්ගේ බදු බලපත් අහෝසි කීරීමට තීරණය කොට තිබේ.
ඇමතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ අතරමැදි පිරිස ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයින් ද සූරා කෑමේ වැඩ පිළිවෙළක් ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාත්මක කරවන බව පෙනී ගොස් ඇති බැවිණි
එම නිසා මින් ඉදිරියට ගොවින් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එලවළු හා පලතුරු මිල දී නොගන්නා අලෙවි සැල්කරුවන්ගේ බදු බලපත් අහෝසි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
