මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දුන් මූල්‍ය ප්‍රතිපාදන අවසන් වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
.ඒ සඳහා තවත් මිලියන 2000 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවත්, එම මුදල් ලැබුණු වහාම ගොවීන්ගේ ගිණුම් වෙත මුදල් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් දෙපාර්තමේන්තුව පවසයි..
මේ වන විට ගොවීන් 583,372කගේ ගිණුම් වෙත රුපියල් මිලියන 5000 ක මුදලක් නිකුත් කර ඇති බවත්, එම සංඛ්‍යාව මහ කන්නයේ වී වගා කළ ගොවීන්ගෙන් 50% ක් පමණ බවත් වැඩිදුරටත් සඳහන් කරයි.
මහ කන්නය වගා කළ ලක්ෂ දහයකට අධික ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 11 ක් පමණ වැය වන බවයි තක්සේරු කර තිබෙන්නේ.
