Spread the love


අරගල භූමියේ ගෝඨාගෝගම සිනමා ශාලාව අද (13) පස්වරුවේ විවෘත කෙරිණ.

මෙම සිනමා ශාලාව සියලු සිනමා ප්‍රදර්ශන අංගෝපාංගයන් ගෙන් සමන්විතය

පරිපූර්ණ සිනමා ශාලාවක් වන අතර එකවර 100 කට පමණ මෙහි පහසුවෙන් චිත්‍රපට නැරඹිමේ පහසුකම් ඇත.

මේ තුළින් අරගලයට සමගාමීව සිනමා උළෙල, අරගලය ආශ්‍රිත සිනමා වාර්තා චිත්‍රපට ප්‍රදර්ශන, සිනමා සංවාද සහ වැඩමුළු ඇතුලු සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිතයි.