Spread the love

අළුත්ගම, පැනිබැන්දිගොඩ ප්‍රදේශයේ දී බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

ඊයේ (04) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

පොලීසිය ප්‍රකාශ කළේ, පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය බිරිඳට හිරමනයකින් හිසට පහර දී ඝාතනය කර, අනතුරුව ඔහුද නිවස තුළ ගෙල වැලලාගෙන ඇති බවය.

එසේ මියගොස් ඇත්තේ අළුත්ගම, පැනිබැන්දිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි බිරිඳ සහ 36 හැවිරිදි සැමියා බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අළුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.