Spread the love

දේවින්ද පිණිදිය

ගම්පහ වතුරුගම. ඉදුරුගල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී ඝාතනය කර එම නිවස පිටුපස වැසිකිළි වලට දමා තිබූ පුද්ගල මළ සිරුරක් අධිකරණ නියෝග මත ගම්පහ පොලිසිය විසින් අද ගොඩගනු ලැබීය. .

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉදුරුගල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි 61 හැවිරිදි විවාහක අයෙකි.
ඔහු මෙම නිවසේ තනිව ජීවත්ව සිටි බවට පොලිසිය පවසයි

2024.09 08 දින ඝාතනය සිදුවූ නිවස තුල එම නිවසේ පදිංචිකරු සහ ඒ අවට නිවෙස් වල පදිංචිකරුවන් තිදෙනෙකු මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එම නිවසේ පදිංචිකරු සහ. තවත් අයෙකු විසින් මත්පැන් සාදයේ සිටි එක් පුද්ගලයෙකුට. ඇඳපොල්ලකින් පහරදී ඝාතනය කර නිවස පිටුපස වැසිකිලි වලට දමා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සොහොයුරකු අතුරුදන් වීමක් සම්බන්ධව ගම්පහ පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව පහරදීම සිදුකළ දෙදෙනා සහ අනිත් පුද්ගලයා ගම්පහ කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය මගින්. ඊයේ (06) අත්අඩංගුවට ගෙන පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින තුනක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබාගෙන ඇත.

එහිදී අදාල සැකකරුවන් තිදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඝාතනයේ සුළ මුල සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇත

පූගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අනුර සුමනසේන මහතාගේ සහ වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වරයාගේ අධීක්ෂණ යටතේ සිරුර කොටස් ගොඩ ගැනීනි .