Spread the love

ගම්පහ ප්‍රාදේශීය සභාව, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ඊට අනුබද්ධ ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ජංගම සේවා වැඩසටහනක් අද (11) පෙරවරු 9.00 සිට රතුපස්වල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ යටතේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ග්‍රාම නිලධාරී සේවාවන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉටු කරනු ලබන සේවාවන් මෙන් ම ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සිදු කරනු ලබන සේවාවන් ලබා ගත හැකි වේ.

තවද ඇස් පරීක්ෂාව, නොමිලේ ඇස් කන්ණාඩි 100ක් ලබාදීම ,සෞඛ්‍ය වෛද්‍ය සායන, ගම්පහ, යක්කල හා වැලිවේරිය පොලිස් ස්ථාන වෙතින් කර ගත යුතු කටයුතු, උපදේශන සේවා ලබා ගැනීමට ද අවස්ථාව ඇත.