Spread the love

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජනතාව කුපිත කරන පුද්ගලයන් සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ජනතාව කුපිත කිරීමේ චෝදනාව මත ශ‍්‍රී ලංකා යුද හමුදාවේ හිටපු ලුතිනන්වරයකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා විසින් ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ගේ නිවෙස්වලට අලාභ හානි කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබේ.
යුධ හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙස සේවය කරමින් සිටියදී සිදු වූ විෂමාචාර හේතුවෙන් 2020 ජනවාරි 29 වන දින මෙම සැකකරු යුධ හමුදාවෙන් නෙරපා හැර ඇති බව යුධ හමුදා මූලස්ථානය සදහන් කරයි.
සැකකරු (13) අද අත්තනගල්ල මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.