Spread the love

අද (08) උදෑසන 9.30 පාර්ලිමේන්තු කටයුතු ආරම්භවීමත් සමග ජනාධිපතිවරයාගේ සංදේශයක් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයින් කැඳවමින් ජනාධිපතිවරයා විසින් එම ආඥාවක් නිකුත් කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

“40 වෙනි අධිකාරියේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමුවන උපලේඛනයේ නිශ්චය කර දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයින් එහි දෙවැනි උපලේඛනය නිශ්චිතව දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කර ඇත.”