Spread the love

චීනයේ සිවුදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා අද (15) පස්වරුවේ හමුවිය.

එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබීය.

මෙහිදී ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය ඇතුළත් ප්‍රදර්ශන ශාලාව නැරඹීමට එක්විය.

ඊට අමතරව චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිගා කෞතුකාගාරය නැරඹීමටද ගොස් ඇත.

මේ අතර මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස එක්වූහ.

චීන මහජන ශාලාව වෙත අද පස්වරුවේ පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීන හමුදාවේ උත්තමාචාර මැද මහත් හරසරින් පිළිගනු ලැබීය.

ජනාධිපතිවරයා හා හා චීන ජනපති ෂී ජින් පින් මහතා අතර හමුව සිදුවුයේ එහිදීය.